Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට ගෙනඑයි

By News Team on September 13th, 2021 in Local

ශ්‍රී ලංකාව විසින් මිළඳී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76000ක් අද (13) දිනයේ රැගෙන එනු ලැබුවා.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය මෙරටට රැගෙන ආ අතර අද අළුයම 02.15 එන්නත් තොගය මෙරටට ළඟා වී තිබුණා.

මේ අතර ශ්‍රී ලංකාව විසින් මිළඳී ගත් රුසියාවේ ස්පුට්නික් එන්නත් මාත්‍රා 12000ක් සහ චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් මෙම සතියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.