Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට ගෙනඑයි

By News Team on October 18th, 2021 in Local

ශ්‍රී ලංකාව මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ලක්ෂ 608000ක් අද මෙරටට ගෙනැවිත් තිබෙනවා.

අද (18) අළුයම මෙම එන්නත් තොගය මෙරටට ගෙන ආ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ශ්‍රී ලංකාව ඇනවුම් කර ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ලක්ෂයක ප්‍රමාණයක් අතුරින් ලක්ෂ 10ක් මෙරටට ගෙනැවිත් ඇති බවයි.

ඇනවුම් කර ඇති ඉතිරි එන්නත් තොගය ලබන නොවැම්බර් මස අවසන් වීමට පළමුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත තිබෙනවා.