Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට

By News Team on July 26th, 2021 in Local

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා.

කටාර් රාජ්‍යයේ දෝහා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) අලුයම 2.30ට පැමිණි යානයකින් මෙම එන්නත් මාත්‍රා තොගය ගෙන ආ බවයි වාර්තා වන්නේ.

එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ලොරි මඟින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.