Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට ළඟා වෙයි

By News Team on July 19th, 2021 in Local

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 60000ක තොගයක් අද (19) අළුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

දෝහා කටාර් හරහා අද (19) අළුයම 02.15ට පැමිණි ගුවන් යානයකින් මෙම එන්නත් රැගෙන විත් ඇත්තේ.

එන්නත් තොගය දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථයක් මඟින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත එන්නත් තොගය රැගෙන ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් මිළඳී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයේ දෙවන කොටස මෙය වන අතර පසුගිය 05 වනදා මෙම එන්නතේ පළමු මාත්‍රාව දිවයිනට ළඟා වුණා.