Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට ළඟා වෙයි

By News Team on August 2nd, 2021 in Local

රජය විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 104000ක තොගයක් අද (02) අළුයම මෙරටට ගෙන විත් තිබෙනවා.

අද (02) අළුයම 02.15ට පමණ කටාර් ගුවන් සේවයේ යානයකින් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම එන්නත් කිලෝ ග්රැම් 619 ක බරකින් යුතු ඇසුරුම් 18 ක මෙම එන්නත් තොගය අසුරා ඇති බව සඳහන්.