Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගල්කිස්සේ දැරිය අලෙවි කළ තවත් අයෙක් අත්අඩංගුවට

By News Team on September 17th, 2021 in Local

ගල්කිස්සේ අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කලේ ලිංගික කටයුතු සඳහා කාන්තාවන් හා දැරියන් අලෙවි කිරීම සඳහා පවත්වාගෙන ගිය වෙබ් අඩවියක හිමිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා.

ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන්නේ.