Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අවුරුදු 15ක දැරිය අපයෝජනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට

By News Team on July 3rd, 2021 in Local

ගල්කිස්සේ වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) දිනයේ දී සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයෙක් සහ නෞකා කපිතාන්වරයෙකු ඇතුළු පිරිසක් ගෙන ඇති බවයි.

ඊට අමතරව තවත් සැකකරුවන් 16 දෙනෙක් පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධව විමර්ශන කටයුතු ක්‍රියාත්මක වනවා.

අදාළ දැරිය වෙත ලැබුණු වයිබර් සහ වට්ස්ඇප් පණිවිඩ පරික්ෂා කිරීම පොලීසිය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ සිද්ධියට අදාළ තවත් පුද්ගලයින් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අයි. එම්. ලලිත් එදිරිසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

නිවේදයක් නිකුත් කරමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරන්නේ බරපතළ දුෂණ ක්‍රියාවක් සිදුකළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අදාළව උපසභාපතිවරයා අත්අඩංගුවට පත්වීම සම්බන්ධව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

පක්ෂයේ කිසියම් පළාත් පාලන සභිකයෙකු දුෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලබන අවස්ථාවේදී ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි පක්ෂයේ මහලේකම්වරයා කියා සිටින්නේ.

ඒ අනුව ඊට අදාල චෝදනා පත්‍රය මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා වෙත යැවිමට නියමිත අතර නැවත දැනුම් දෙන තුරු ඔහුට පොදුජන පෙරමුණ වෙනුවෙන් හෝ එහි සාමාජිකයෙක් ලෙස හෝ පෙනී සිටීම තහනම් වනු ඇති.