Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

By News Team on July 10th, 2021 in Local

අද (10) උදෑසන සිට තවත් ප්‍රදේශයක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල පොලිස් වසමේ මලවිට ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ගෝලීන්දවත්ත 03 කොටස හුදකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව තවත් දිස්ත්‍රික්ක 04ක ප්‍රදේශ 06ක් හුදකලා භාවයෙන් මුදා හැර තිබෙනවා.

කොවිඩ්19 වැළක්වීමේ පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මරක්කලගම හා ආරච්චිකට්ටුව කුරුකුපනේ, මාතර වැලිගම පැලෑන දකුණ සහ යාපනය කරවෙඩ්ඩි කරණවායි යන ප්‍රදේශ හුදකලා බැවින් නිදහස් කර ඇති බවයි.

එමෙන්ම කළුතර මතුගම යටදොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්වත්ත ප්‍රධාන කොටස සහ ක්ලේ කොටස ද හුදකලා භාවයෙන් මුදා හැර තිබෙනවා.