Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ෆයිසර් එන්නත් 26000ක් මෙරටට රැගෙන එයි

By News Team on July 12th, 2021 in Local

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක තොගයක් අද (12) අළුයම මෙරටට ගෙන එනු ලබනවා.

මෙම එන්නත් තොගය පළමුවෙන්ම අමෙරිකාවේ සිට කටාර් රාජ්‍යය වෙත රැගෙන ආ එන්නත් තොගය පසුව දෝහා සිට කටාර් ගුවන් සේවයේ යානයකින් මෙලෙස අද (12) අළුයම 02.35ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

එන්නත් තොගය ගොඩ බෑමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසු ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් කොළඹ ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩාවේ වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම එන්නත් තොගයත් සමඟ ශ්‍රී ලංකාවට මේ දක්වා ගෙන්වා ඇති ෆයිසර් එන්නත් තොගය මාත්‍රා 52000ක් වනවා.