Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 23ක් දිවයිනට

By News Team on August 28th, 2021 in Local

අද (28) අළුයම තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 23ක් චීනයේ සිට මෙරටට ගෙනැවිත් තිබෙනවා.

ඒ අතරින් මාත්‍රා ලක්ෂ 20ක් ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා ඇණවුම් කළ එන්නත් වන අතර ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 03 චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකාවේ හමුදාව වෙත පරිත්‍යාග කළ ඒවා බවයි වාර්තා වන්නේ.

මෙරටට අද (28) සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 23ක් නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි තිබෙනවා.

චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අළුයම 05.20ට මෙම එන්නත් තොගය ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

මෙම එන්නත් තොගයත් සමඟ මෙරටට ලැබුණු සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන 1800000 දක්වා ඉහළ යන අතර මේ මසදී සයිනොෆාම් එන්නත් ලක්ෂ 70ක ප්‍රමාණයක් ගෙන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකට එන්නත් ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතයි.