Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සයිනොෆාම් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 16 අද දිවයිනට

By News Team on July 27th, 2021 in Local

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් අද (27) දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 2කින් ගෙන්වා ගැනීමටයි නියමිතයි.

අද (27) අළුයම මෙම මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ළඟා වීමට සැලසුම් කර තිබුණත් බෙයිජිං නුවර අයහපත් කාලගුණය හමුවේ ගුවන් ගමන් ප්‍රමාදයක් සිදුවන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වාර්තා සඳහන් කරනවා.

මෙම එන්නත් තොගයත් සමඟ ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ථ සයිනොෆාම් මාත්‍රා සංඛ්‍යාව කෝටිය ඉක්මවා යනු ඇති.