Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇන්ජෙලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියට සමුදීමේ සුදානමක්

By News Team on July 7th, 2021 in Sport

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු එම ලිපියේ දන්වා ඇත්තේ තමා ඉදිරි ඉන්දීය තරඟාවලිය සඳහා සලකා නොලබන ලෙසයි.

තමා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බවත් එම තීරණය ඉදිරි සති දෙක තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

කෙසේ වෙතත් අද (07) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමට තිබු ක්‍රීඩක ගිවිසුමටද ඇන්ජෙලෝ මැතිව්ස් අත්සන් තබා නොතිබූ බවයි වාර්තා වන්නේ.