Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තෙල් අර්බුධය ගැන කියූ ආනන්ද පාලිත අද අධිකරණය හමුවට

By News Team on August 22nd, 2021 in Local

මාධ්‍ය සාකච්ඡාවකදී ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් සංස්ථා ශාඛාවේ සභාපති ආනන්ද පාලිත මහතා අද (22) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 19 වනදා ඔහු විසින් මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ දැනට තෙල් සංස්ථාව සතුව දින 11 කට පමණක් ප්‍රමාණවත් ඉන්ධන පවතින බවයි.

ඒ අනුව ඉදිරියේදී ඉන්ධන හිගයක් රට තුළ ඇතිවිය හැකි බවටද ආනන්ද පාලිත මහතා විසින් සඳහන් කර තිබුණා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබූ අතර එහි දැක්වුණේ අදාළ ප්‍රකාශය අසත්‍ය තොරතුරක් බවයි.

ජනතාව කලබලයට පත්වී සිටින බැවින් අදාළ පුද්ගලයාට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසටයි එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ.

ඒ අනුව මීට අදාළව විමර්ශනයක් සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු අනාවරණ කරගෙන ඇත්තේ ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවටයි.

ඒ අනුව වත්තල පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ පස්වරුවේ ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.