Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පිපිරීමක් ගැන පළවන ව්‍යාජ පුවත ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

By News Team on August 7th, 2021 in Local

මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටියේ යන ප්‍රදේශවල ආශ්‍රිත යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍යවල ජාලවල මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මේ වන විට පළවන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ අසත්‍ය පුවත 2019 වසරේ අප්‍රේල් මස 25 වනදා යම් පුද්ගලයෙක් විසින් යවන ලද පණිවිඩයක් බවයි.

අදාළ පුද්ගලයා යළි වතාවක් එම අසත්‍ය පණිවිඩය බෙදා හැරීමක් සිදුකර තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ පුවත සම්බන්ධයෙන් කලබලවිමක් අවශ්‍ය නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ වැඩිදුරටත් කියා සිටියා.