Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජ් එකක්

By News Team on December 13th, 2021 in Business

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කරනවා.

ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බවයි වාර්තා වන්නේ.

පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.