Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පළමු විස්සයි විස්සෙන් ඉන්දියාවට පහසු ජයක්

By News Team on July 26th, 2021 in Sport

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 38න් ජය ගැනීමට සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා.

ඉන්දීය ඉනිමේ පළමු පන්දුවෙන්ම වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ප්‍රිත්වි ෂෝගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වූ අතර ඉන්දියාව වෙනුවෙන් සුර්ය කුමාර් යාදෙව් ලකුණු 50ක් රැස්කළා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග අතර කඩුලු 2 බැඟින් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 165ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 126ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත අසලංක ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට දැවැන්ත හයේ පහරවල් 3ක් ඇතුලත් වුණා.

ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කළ බුවර්නේෂර් කුමාර් තරඟයේ වීරයා සම්මානය දිනාගත්තා.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරඟය හෙට (27) පැවැත්වීමට නියමිතයි.