Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානුවන්ට ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් විය හැකියි – අමෙරිකාව නැවතත් එරට සංචාරකයන්ට අනතුරු අඟවයි

By News Team on July 7th, 2021 in Exclusive Story

නැවත වරක් අමෙරිකාව එරට සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ කොරෝනා අවදානම් තුන්වන කාණ්ඩයේ ඇති අධි අවධානම් රටක් ලෙසයි හඳුන්වා ඇත්තේ.

මෙම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවධානම පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සඳහන් කර ඇත්තේ සම්පුර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක කිරීමේ දී කොරෝනා රෝගයට ගොදුරු වීම අධික අවධානමක් ඇති බවයි.

ඔවුන් ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙම නව යාවත්කාලීන කිරීමේ දී දක්වා ඇත්තේ කෙටි දැනුම් දීමකින් හෝ එසේ නොමැතිව ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු සංචාරකයින්ට ඇති බවයි.

ඊට අමතරව ගුවන් තොටුපොළ, බස් නැවතුම්පොළ, සංචාරක හෝටල්, අවන්හල් ආදිය ඉලක්ක කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවද ඔවුන් සිය සංචාරකයන් වෙත දන්වා තිබෙනවා.