Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අශ්ලීල ප්‍රකාශ තහනම් කිරීම සම්බන්ධ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්

By News Team on October 20th, 2021 in Local

අශ්ලීල ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් පස් වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී තිබෙනවා.

මෙහි දී දණ්ඩ නීති සංග්‍රහයේ 285,286 සහ 289 (අ) යන වගන්ති සංශෝදනය වෙනු ඇති.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවයි වාර්තා වෙන්නේ.