Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් යන තෙක් දුම්රිය ධාවනය නොවේ

By News Team on September 30th, 2021 in Local

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් යන තෙක් කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවයි.

කෙසේ නමුත් හෙට (01) අලුයම 04 න් පසු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනු ඇති.

සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.