Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට සියලු මංගල උත්සව තහනම් කෙරේ

By News Team on August 15th, 2021 in Local

ලබන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය සඳහා අවසර ලබා නොදීමට රජය තීරණය කර තිබෙනවා.

රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශී වන කිසිඳු උත්සවයකට ද අවසර හිමි නොවනු ඇති.

තවද අවන්හලකට වරකට රැස්ව සිටිය හැකි වන්නේ එහි ධාරිතාවෙන් සියයට 50කට නොවැඩි පිරිසකට පමණි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින ලෙසයි රජය ඉල්ලා සිටින බවයි.