Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්දු පාකිස්ථාන විස්සයි විස්ස තරඟයේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්

By News Team on October 5th, 2021 in Sport

ලබන 17 වනදා ඇරඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟ මාලාව යටතේ ඉන්දියාව හා පාකිස්ථානය අතර ලබන 24 වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත තරඟයට අදාළ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටිකට්පත් අලෙවිය ආරම්භ වී පැය කිහිපයක් යාමට මත්තෙන් ඉන්දු පාකිස්ථාන තරඟයට අදාළව ටිකට්පත් සියල්ල විකිණී අවසන් වී ඇති බවයි.

දෙරට අතර කලක පටන් දේශපාලනික කරුණු සහ වෙනත් කරුණු රැසක් හේතුවෙන් දැඩි මතභේදාත්මක රටවල් දෙකක් ලෙසයි සැලකෙන්නේ.