Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරේ

By News Team on August 19th, 2021 in Local

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් නිමකර සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට අපේක්ෂාකරන බව නීතිපතිවරයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විසිනුයි මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හමුවේ සිදුව ඇති පාරිසරික හානිය අධ්‍යයනය කිරීම සඳහා සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ අධිකාරිය විසින් විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටුව විසින් අදාළ අධ්‍යයනය සිදුකරන බවත් මෙහිදී අනාවරණය වුණා.