Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සියලු රාජ්‍ය සේවකයන් අද සිට යළි වැඩ අරඹයි

By News Team on August 2nd, 2021 in Local

සියලුම රාජ්‍ය සේවකයන් අද (02) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබෙනවා.

ඒ සඳහා අදාළ පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේ දී රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා වෙත දැනුම් දෙනු ලැබුවා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය පහසු කිරීම සඳහා ක්‍රියාත්මක වූ සීමිත කාර්ය මණ්ඩල කැඳවීමේ පදනම සහ නිවසේ සිට රාජකාරී සිදු කිරීමට අදාලව පසුගිය මැයි මාසයේ නිකුත් කර තිබු සියලු චක්‍රලේඛ ඒ අනුව අද (02) සිට අවලංගු වනු ඇති.

කෙසේ වෙතත් මෙරට රාජ්‍ය සේවකයන් බහුතරයක් එන්නත්කරණයට ලක්ව ඇති බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි රජය පාර්ශවයේ මතය වී ඇත්තේ.