Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘත වෙයි

By News Team on August 28th, 2021 in Local

අද (28) සහ හෙට (29) යන දෙදින තුළදී සියලු ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කර තිබෙනවා.

තොග වෙළඳාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං පොදු වෙළඳපොල මෙලෙස විවෘත කර තැබෙන බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.

ආර්ථික මධ්‍යස්ථානවලින් අත්‍යාවශ්‍ය සේවාවල නිරත නිලධාරීන්ට අවශ්‍යය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථානවලින් කළමනාකරුවන් හරහා අදාළ කටයුතු කරගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර අද (28) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳාම් කටයුතු සඳහා විවෘත කිරීමෙන් අනතුරුව එළවළු කිලෝ ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් අළුයම ලැබී තිබෙනවා.

එළවළු මිලදී ගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින් ව්‍යාපාරිකයන් පැමිණීම හේතුවෙන් සාර්ථක එළවළු තොග අලෙවිය වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

සෑම එළවළුවක් සඳහාම මධ්‍යස්ථ මිලක් මෙන්ම උඩරට එළවළු කිලෝවක් රුපියල් 100 සිට 180 දක්වා ද පහතරට එළවළු කිලෝවක තොග මිළ රුපියල් 80 සිට 140 දක්වා වූ විවිධ මිළ ගණන් යටතේ අලෙවි වී තිබෙනවා.