Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගම්පහ සියලු ව්‍යාපාරික ස්ථාන සතියකට වසා දැමේ

By News Team on August 16th, 2021 in Gossip

ගම්පහ නගරයේ වෙළඳසැල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන අද සිට ලබන 23 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට ගම්පහ නාගරික එක්සත් වෙළෙඳ සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් ඊයේ (15) පෙරවරුව වනවිට කොවිඩ් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙනුයි.

දැනට පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද දිනකට විශාල පිරිසක් ගම්පහ නගරයට පැමිණෙන බවත් කුමන සංචරණ සීමා පැනවීමක් සිදුකළද ගම්පහ නගරයට ජනතාවගේ පැමිනිමේ අඩුවක් දක්නට නොලැබෙන බවයි ගම්පහ නාගරික එක්සත් වෙළෙඳ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ලබන 23 වෙනිදා දක්වා සතියක කාලයක් ගම්පහ නගරයේ වෙළඳසැල් ඇතුලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගත් බවට ගම්පහ දිසාපති, මහ නගරාධිපති, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු වගකිවයුතු යුතු පොලිස් නිලධාරීන් සහ අදාළ බලධාරින් දැනුවත් කර තිබෙනවා.

එබැවින් ගම්පහ නගරයේ ඇති සියලු කඩසාප්පු සහ වෙළඳසැල් ලබන 23 වෙනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇති බැවින් ගම්පහ නගරයට නොපැමිණෙන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මීට අමතරව ඊයේ සිට ලබන 21 දින සිට වේයන්ගොඩ වෙළඳ සංගමයට අනුයුක්ත සියලූ වෙළඳසැල් වසා දැමීමට පියවරගෙන තිබෙනවා.