Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අලි සබ්‍රි අධිකරණ ඇමති ධුරයෙන් සහ පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාර දෙයි

By News Team on November 6th, 2021 in Exclusive Story

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් එම ලිපි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (05) භාර දී තිබෙනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයා ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොගෙන ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඔහු මෙම තීරණය ගෙන තිබුණේ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීමට විරෝධය පළ කරමිනි.

රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතනය තිබියදී මෙවන් කාර්ය සාධක බලකායන් හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටළු ඇති කරන්නක් බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

ඊට අමතවර එම පත් කිරීම සම්බන්ධව අමාත්‍යවරයා පැහැදීමක් නොමැති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබා ගැනීමට මිස රටේ නීති සැදීමට නොවන බවයි.

එමෙන්ම නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ ඇමතිගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.