Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අලි සබ්‍රි ජනපති හමුවීමට තීරණය කරයි

By News Team on November 5th, 2021 in Exclusive Story

පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන සාකච්ඡා කිරීම සඳහා අධිකරණ ඇමති අලි සබ්රි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

ජනපති ඊයේ (04) ස්කොට්ලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණි අතර ඔවුන් දෙදෙනා කිනම් දිනක හමුවේ දැයි මේ දක්වා නිශ්චිත තොරතුරක් ලැබී නොමැත.

එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය විසින් කෙටුම්පතක් සකස් කර එළඹෙන පෙබරවාරි මාසය වන විට අවසන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සම්බන්ධයෙන් අලි සබිරි මහතා කලකිරීමට පත්ව ඇති බවද වාර්තා වනවා.

එම බලකාය පත් කිරීම සම්බන්ධයෙන් අලි සබ්රි මහතාගෙන් උපදෙස් ලබා නොගත් බවටයි මේ වන විට පුවත් වාර්තා සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම පත්කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා තවමත් සෑහීමකට පත් වී නැති අතර ඔහු ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවීමට අපේක්ෂාවෙන් සිටිනවා.

එම කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික නායකයන් විසින් එල්ල කරන පීඩනය මත අධිකරණ අමාත්‍යවරයා ධුරයෙන් අස්වීමට සූදානමින් ඇති බවට වාර්තා වුවද පසුව ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඒ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නැති බවයි.