Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අජිත් නිවාඩ් කබ්රාල් ඇමති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන්න සුදානම් වෙයි

By News Team on September 7th, 2021 in Exclusive Story

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ රජය විසින් නැවතත් මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා ලෙස ඒ මහතාට කරන ලද ආරාධනාවකට අනුවයි.

ඒ අනුව මේ වන විට මහ බැංකුවේ අධිපති ධුරය දරණ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වත්මන් මහ බැංකු අධිපතිවරයා සිය තනතුරෙන් ඉවත් වීමත් සමගම කබ්රාල් මහතා දැනට දරන තනතුරින් ඉවත් වන බව රජයට මේ වන විටත් දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් වන්නේ.