Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

යුගදනවී බලාගාරය ගැන කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව

By News Team on October 29th, 2021 in Local

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාව නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේදී එකඟතාව පළ කර තිබෙනවා.

මෙම රැස්වීමේ දී කොවිඩ් 19 වසංගතයේ සහ ගුරු විදුහල්පති වැටුප් ගැටලූවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් 19 හමුවේ සංචාරක ව්‍යාපාරය මුහුණපාන ගැටලූ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බටහිර හා නැගෙනහිර ජැටි සංවර්ධනය, රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය, බඩු මිල හා කාබනික කෘෂි වගාව සහ පොහොර සම්බන්ධව ද පක්ෂ නායකයන්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.