Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රවී ශාස්ත්‍රීගෙන් පසු රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු වන ලකුණු

By News Team on October 16th, 2021 in Sport

ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමේ සුදානමක් ඇති බව ක්‍රිකට් වාර්තා සඳහන් කරනවා.

හෙටින් ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය නිමාවට පත්වීමෙන් පසු මේ වන විට ඉන්දීය ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරන රවී ශාස්ත්‍රී එම ධුරයෙන් විශ්‍රාම ගැනීම නියමිතයි.

ඩ්‍රාවිඩ් ඉන්දීය පුහුණුකාර ධුරයට පත්වුවහොත් ලබන මස නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟාවලිය ඔහු විසින් ඉන්දියාව මෙහෙයවන පළමු තරඟාවලිය වනු ඇති.

කෙසේ වෙතත් වැඩිදුරටත් වාර්තා වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ රාහුල් ඩ්‍රාවිඩ් සමඟ දීර්ඝ කාලයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි.