Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දින 36කට පසු ශ්‍රී ලංකාවේ කොරෝනා දෛනික ආසාධිත ගණන 2000 සීමාව පනී

By News Team on July 30th, 2021 in Local

ශ්‍රී ලංකාවේ දින 36කට පසු නැවතත් දෛනික කොරෝනා ආසාධිතයින් 2000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ (29) දිනයේ තවත් කොරෝනා ආසාධිතයින් 2370 දෙනෙක් හඳුනා ගැනුණා.

මෙම ආසාධිතයින් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 304202ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 26448ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 273496ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

මේ අතර ඊයේ (29) කොරෝනා මරණ 66ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 4324ක් දක්වා ඉහළ ගියා.