Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සති 10කට පසු ශ්‍රී ලංකාවෙන් දෛනික කොරෝනා ආසාධිතයින් ගණන අඩුවෙයි

By News Team on September 28th, 2021 in Local

සති 10කට පසු ශ්‍රී ලංකාවෙන් දෛනික කොරෝනා ආසාධිතයින් ගණන 1000ට අඩුවෙන් ඊයේ (27) දිනයේ දී වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (27) දිනයේ කොරෝනා ආසාධිතයින් 983ක් වූ අතර මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 514592ක් දක්වා ඉහළ ගියා.

46517 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 455344ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (27) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 51ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 12731ක් දක්වා ඉහළ ගියා.