Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ගැන හිටපු මැතිවරණ කොමිසාරිස්ගෙන් උපදෙසක්

By News Team on August 7th, 2021 in Local

ගුරු විදුහල්පති ඉල්ලීම් දිනාගැනීමේ ක්‍රියාදාමයේ උපාය මාර්ග වෙනස් කරන ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වර්ජනයේ නියුතු ගුරු විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කරනවා.

මැතිවරණ කොමසාරිස්වරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය හමුවේ වීදි සටන් තවදුරටත් ඉදිරියට ගෙන යාම අහිතකර බවයි.

වෛද්‍ය වෘත්තිකයන්ට සහ විශේෂඥයින්ට සවන් දෙන්නැයි මහින්ද දේශප්‍රිය මහතා ගුරු සංගම්වලින් ඉල්ලා සිටිනවා.

ඔහුගේ සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.