Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

By News Team on August 27th, 2021 in Local

2021 වසරේ උසස් පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර විභාග දෙපාර්තමේන්තුව පසුගිය ජුලි 31 වනදායින් අවසන් කිරීමටයි සැලසුම් කර තිබුණේ.

මේ වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමටයි දැනට කටයුතු යොදා ඇත්තේ.

05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් රට තුළ පවතින තත්ත්වය සලකා බලා මෙම දින සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.