Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අදානි සමාගම මුම්බායි ගුවන්තොටුපොළේ පාලන බලය අත්පත් කරගනී

By News Team on July 14th, 2021 in International

ඉන්දීය අදානි සමුහය මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පාලන බලය අත්පත් කරගෙන තිබෙනවා.

ජී. වී. කේ. සමුහයෙන් බහුතර කොටස් මිලදී ගැනීම හේතුවෙන් අදානි සමුහයට මෙහි පාලන බලය හිමිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අදානි හෝල්ඩින්ස් සමාගම මේ වන විටත් ඉන්දියාවේ ගුවන් තොටුපොළේ මෙහෙයුම් වලින් සියයට 25ක් අත්කර ගෙන ඇති අතර ගුවන් භාණ්ඩ මෙහෙයුම් වලින් සියයට 33ක් අත්පත් කරගෙන තිබෙනවා.

ගෞතම් අදානිගේ, අදානි සමුහය ඉන්දියාවේ ගුවන් තොටුපොළ 8ක පාලන බලය හිමිකරගෙන ඒවායේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී ඇති බව සඳහන්.

ඊට ලක්නව්, අහමදාබාද්, ජායිපූර්, ගුවහටි, මංගලූරු සහ තිරුවානන්දපුරම් යන ගුවන්තොටුපොළවල් මෙම සමාගමට අයත්.

කෙසේ වෙතත් පසුගිය කාලයේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සහ පසුව බටහිර ජැටිය සංවර්ධනය සම්බන්ධයෙන් ද පුවත් පළ වුණේ අදානි සමාගම සම්බන්ධයෙනි.