Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිවයිනේ සියලු පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ඇරඹේ

By News Team on November 22nd, 2021 in Local

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (22) සිට ආරම්භ වනවා.

ඒ මෙතෙක් ආරම්භ නොවු 06, 07, 08 සහ 09 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (22) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීමත් සමඟයි.

කොරෝනා වසංගතය හමුවේ වසා දැමු පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කළ අතර පළමු අදියරේ ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් පසුගිය මස 21 වනදා විවෘත කෙරුණා.

දෙවන අදියරේ දී දිවයිනේ සියලූම පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වනදා ආරම්භ කෙරුණු අතර 03 වන අදියරේදී සියලුම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි පසුගිය 08 වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළා.