Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එන්නත්වල බල බිදින විකෘති කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවෙයි

By News Team on November 26th, 2021 in International

තවත් නව කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙම නව ප්‍රභේදය දරුණු විකෘති රැසකින් යුක්ත වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

B.1.1.529 ලෙස නම් කර ඇති මේ ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිබවා යනු ඇති බවටයි සෞඛ්‍යය සැක පළ කරන්නේ.

මේ වන විට ආසාධිතයින් 59 දෙනෙක් මෙම ප්‍රභේදය ආසාධිතව හඳුනාගෙන ඇති අතර දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ හොංකොං යන රටවලින් ආසාධිතයින් හමුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විකෘති කොරෝනා ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාව, නැම්බියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා සහ ලෙසොතෝ යන රටවලින් එංගලන්තයට පැමිණෙන සියලු ගුවන් යානා අත්හිටුවා තිබෙනවා.