Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතයට උපාය මාර්ගික සැලැස්මක්

By News Team on July 13th, 2021 in Local

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2020 වර්ෂය වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන ප්‍රමාණය මිලියන 08 ඉක්මවා ඇති අතර ඉන් සැලකිය යුතු සංඛ්‍යාව අවුරුදු 10ට වඩා පැරණි ඒවා බවයි රජය පෙන්වා දෙන්නේ.

මෙරට වායු දූෂණයට සියයට 60 ක දායකත්වය දක්වන්නේ රථවාහන වලින් බවද මොරටුව විශ්වවිද්‍යාලය මගින් සිදුකල පරීක්ෂණයක් මගින් අණාවරණය වී තිබුණා.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින් රථ වාහන ධාවනය සදහාද පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම ඉක්මන් කිරීම සදහා රජය මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.