Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විශ්වාසය බිඳ නොවැටෙන ලෙස කටයුතු කරන්න – චීන තානාපති ඇමති මහින්දානන්දට කියයි

By News Team on October 5th, 2021 in Exclusive Story

ඇනවුම් කළ කාබනික පොහොරවල පරිසරයට අහිතකර සංඝටක ඇති බව කියමින් පොහොර නැව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් චීන තානාපතිවරයා කෝපයට පත්ව ඇති චීන තානාපතිවරයා වහාම කලින් ඇති වූ එකඟතාවන් අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.

චීන තානාපතිවරයා අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ විශ්වාසය බිඳ වැටෙන ලෙස කටයුතු නොකරන ලෙසයි.

ලිපියෙන් චීන තානාපතිවරයා ප්‍රශ්ණ කර ඇත්තේ එම ඇතිකරගත් එකඟතා කඩ කරන්නේ කවුරුන්ද යන්නයි.

කෙසේ වෙතත් තානාපතිවරයා එවූ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු යවන්නේ ද නැද්ද යන්න පිළිබඳ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශයේ සාකච්ඡා වටයක්ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.