Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පක්ෂයේ සංවත්සරය දා හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

By News Team on September 2nd, 2021 in Local

සග වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයන්ගෙන් සැදුම්ව ඇරඹි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය අද (02)ට යෙදී තිබෙනවා.

දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් 1951 සැප්තැම්බර් මස දෙවෙනිදා ආරම්භ කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට දේශපාලන ක්ෂේත්‍රයට අග්‍රාමාත්‍යවරුන් සහ ජනාධිපතිරුන් කිහිපදෙනෙකුම බිහිකර තිබෙනවා.

මෙවර සංවත්සරය වෙනුවෙන් පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ සෞඛ්‍ය නීතිවලට යටත්ව ආගමික සහ සුභසාධන වැඩසටහන් කිහිපයක්ම සංවිධාන කර ඇති බවයි පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.

මේ අතර පක්ෂය බිහි වූ දිනට පසුදින උපත ලැබූ වර්තමාන නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (02) පස්වරු 5 ට සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.