Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඩෙල්ටා වෛරස ප්‍රභේදය ගැන ජපුර විශ්ව විද්‍යාලයෙන් සුවිශේෂී හෙළිදරව්වක්

By News Team on July 3rd, 2021 in Local

දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාධිතයින්ගෙන් ලබාගත් සාම්පලවලට අදාළව පරීක්ෂණ වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත භාර දී තිබෙනවා.

මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනය විසිනි,

එහි අධ්‍යක්ෂක වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ පසුගිය සතියේ ලබාගත් සාම්පල 141ක් ආශ්‍රයෙන් අදාළ වාර්තාව අධ්‍යක්ෂකවරයා වෙත ලබාදුන් බවයි.

මේ අතර කොරෝනා එකම එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් එක් මාත්‍රාවක් පමණක් ගත් අයට ඉන්දීය කොරෝනා වෛරසය වන ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ සැලකිය යුතු පිරිසක් පුර්ණ එන්නත්කරණය සඳහා යොමු කිරීම වැදගත් බවයි.

කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.