Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිවයිනේ සියලු පළාත් මායිම් ආවරණය වන ලෙස විශේෂ පොලිස් මෙහෙයුමක්

By News Team on October 16th, 2021 in Local

දිවයිනේ සියලු පළාත් මායිම් ආවරණය වන ලෙස අධිවේගී මාර්ගයේ සහ පළාත් මායිම් ඇතුළු සියලු පිටවීම් සහ ඇතුළුවීම් ස්ථාන ද කේන්ද්‍ර කරගනිමින් අද (16) සිට විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව පළාත් මායිම් පසුකොට ගමන් කරන සියලුම වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරික්ෂා කිරීමට සියලු මාර්ග බාධකවල රාජකාරී කරන පොලීස් නිලධාරීන්ට පොලිස් මුලස්ථානය විසින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

තවද දීර්ඝ සති අන්තයේ පළාත් සංචරණ සීමා උල්ලංඝණය වන ආකාරයෙන් වන්දනා සහ විනෝද චාරිකාවල යෙදීමට කටයුතු නොකරන ලෙසයි පොලීසිය ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.

කෙසේ වෙතත් සති අන්තය සමඟ එළඹෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංචරණ සීමා උල්ලංඝණය කර ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇති අවස්ථා පිළිබඳ පොලීසියේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ.

ආගමික සිද්ධස්ථාන, ප්‍රසිද්ධ ස්ථාන විනෝද වන වෙරළ කලාප වැනි ස්ථානවල ගාල් කර ඇති රථ වාහන අංක තහඩු පරීක්ෂා කරන අතර නියමිත පළාතෙන් පැහැරව පැමිණ තිබෙන වාහන මෙමගින් හඳුනාගැනීමට කටයුතු කරනු ඇති.

එමෙන්ම මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

එබැවින් සති අන්තයේ නිරෝධායන නීතිවලට ගරු කරමින් නිවෙස්වල රැඳී සිට දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පමණක් කටයුතු කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

මේ අතර අද සිට අන්තර් පළාත් ගමන් බිමන්වලට දැඩිව සීමා පැනවීමට රජය ද තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ගවලින් අත් වූ ප්‍රගතිය ආරක්ෂා කර තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.