Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිට විශේෂ ලිපියක්

By News Team on October 24th, 2021 in Local

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන ලෙස දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියේ පාප් වහන්සේ දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවන ක්‍රියාදාමය පිළිබඳ වතිකානුව අවධානයෙන් පසුවන බවයි.

තවද ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සහය ලබා දෙන බවටත් අදාළ ලිපියේ පාප් වහන්සේ සඳහන් කර තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි යොමු කළ ලිපියට පිළිතුරක් ලෙස පාප් වහන්සේ මෙම ලිපිය ඒවා ඇත්තේ.

කාදිනල් හිමි මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඔස්ටේ්‍රලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය සංවිධාන කළ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහනේදී අදහස් දක්වමිනුයි.