Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඩෙල්ටා විකෘති ප්‍රභේද තවදුරටත් පැතිරී ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් ඇරඹේ

By News Team on August 19th, 2021 in Local

ඩෙල්ටා කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේද තුන කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල තවදුරටත් පැතිරී ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පරීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසිනුයි.

පරීක්ෂණය අවසන් වීමෙන් පසු මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට භාර දීමට නියමිතයි.

ඩෙල්ටා ප්‍රභේදයේ මෙම විකෘති අවස්ථා තුන එස්. ඒ 222 වී / එස්.ඒ 701 එස් සහ එස්.ඒ 1078 එස් යනුවෙන් නම් තබා තිබෙනවා.