Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

By News Team on September 30th, 2021 in Local

කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් 01 වනදා සිට අද එනම් සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත්වීමට නියමිතවු රියදුරු බලපත්‍රවල වලංගු කාලය අදාළ දිනයේ සිට මාස 12 කින් දීර්ඝ කෙරෙනු ඇති.

ඔක්තෝබර් 01 වනදා සිට ලබන වසරේ මාර්තු 22 වනදා දක්වා කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය අදාල දිනයේ සිට මාස 06 කින් දීර්ඝ කෙරෙන බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.