Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවේ

By News Team on August 14th, 2021 in Local

විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත් කර තිබු ගැසට් නිවේදන අවලංගු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය අනුව හාල්මැස්සන් හා කරවල කිලෝග්‍රෑමයක් මත පැනවෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව උළු හාල් ඇට කිලෝග්‍රෑමයක් මත පැනවෙන බද්ද රුපියල් 50ක් වන අතර කුරක්කන් පිටි කිලෝග්‍රෑම් මත රුපියල් 150ක බද්දක් පැනවෙනවා.

තවද අබ ඇට කිලෝග්‍රෑම්යක් මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 62කි.

ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලූණු කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 40 ක බද්දක් පනවා තිබෙනවා.

වෙඩරු මෙන්ම කිරිවලින් නිෂ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පැනවෙන බද්ද රුපියල් 880 ක්.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.