Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10000කින් වැඩි නොකළොත් රට පුරා වැඩ වර්ජන මාලාවක්

By News Team on November 5th, 2021 in Local

රාජ්‍ය සේවකයන්ගේ වැටුප මේ මාසය තුළ රුපියල් 10000කින් වැඩි නොකළහොත් රටපුරා දැවැන්ත වැඩ වර්ජනයක් සඳහා අවතීර්ණය වන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය රජයට අනතුරු අගවනවා.

මහනුවර ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී එහි ලේකම් අජිත් කේ තිලකරත්න මහතා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා ඇති බවයි.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව මෙම අවස්ථාවේ දී වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.