Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු වැටුප් අරගලයට සහය වෙමින් දෙමාපිය උද්ඝෝෂණ මාලාවක් අද

By News Team on November 3rd, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් අරගලයට සහය ලබාදෙමින් දිවයින පුරා පාසල් ඉදිරිපිට අද (03) දිනයේ දෙමාපිය උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ පෙරවරු 08ත් පස්වරු 01.30ත් අතර කාලයේ මෙම විරෝධතා මාලාව පැවැත්වෙන බවයි.

විරෝධතා මාලාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.