Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇඳිරි නීති කාලය තුළදී පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන් උපදෙස් මාලාවක්

By News Team on August 21st, 2021 in Local

පොලීසිය නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළදී රාජකාරී සිදුකළ යුතු ආකාරය ගැන පැහැදිළි කරමින් පොලිස්පතිවරයා විසින් පොලිස් ප්‍රධානීන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමේ අරමුණ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොවන පරිදි තම බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් දැරිය යුතු බවයි.

අදාළ නිලධාරීන් අධීක්ෂණය කර ඒ සඳහා සුදුසු උපදෙස් ලබාදිය යුතු බවද එම නිවේදනයේ සඳහන්.