Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හබරණ සිදුවීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට යුද හමුදාවෙන් වෙනම පරීක්ෂණ මණ්ඩලයක්

By News Team on July 1st, 2021 in Local

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අතර හබරණ ප්‍රදේශයේ දී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම පරීක්ෂණ මණ්ඩලයට පත් කර ඇති අතර හමුදාපතිවරයා දන්වා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කර තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසයි.

මීට අමතරව යුද හමුදාපති පොලීසිය විසින් ද සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දැනට අවශ්‍ය කරුණු සහ සාක්ෂි විමර්ශනය කරමින් කටයුතු කරනු ලබන මෙම මණ්ඩලය විසින් සිද්ධියට අදාළ නිරීක්ෂණ ඇතුළත් සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් යුද හමුදාපතිවරයාට ලබා දීමට නියමිත බවයි.

මේ අතර වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට පැවසෙන මේජර් ජනරාල්වරයා සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) හබරණ පොලීසියට නියෝග කළා.

ඒ, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකරි කළ වනජීවී නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජන එල්ල කළ මේජර් ජනරාල්වරයෙකු සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබී තිබූ පැමිණිල්ලකට අනුව පොලීසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

පසුගියදා ඉකුත් 23 වන රාත්‍රියේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවරසයෙන් ඇතුළු වූ යුද හමුදා වාහන 2ක් පරික්ෂා කිරීමට යාමේදී එම බහින්බස්වීම සිදුවූ බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.